Film Review | Naaigal Jaakirathai | 5% For Sl-Charity
ටික දවසකට පස්සේ ලියන්න යද්දී මං හිතුවා මං බලපු ෆිල්ම් එකක් ගැන ලියන්න ඕන කියල. මං සාමාන්‍යයෙන් සිංහල, දෙමල, හින්දි, english වගේ ඕනම භාෂාවක ෆිල්ම්ස් බැලුවට සමහර ෆිල්ම්ස් නම් තියනවා ටිකක් බලද්දී හරි යන්නේ නෑ කියල හිතෙන. මං ගොඩක් අසාවෙන් ෆිල්ම්ස් හොය හොයා බලන කෙනෙක් නම් නෙමෙයි ඒ උනාට, tv එකේ ෆිල්ම් එකක් යනවා දැක්කොත් නම් ගොඩක් වෙලාවට අන්තිම ටික හරි බලනවා, ඒකත් හැබැයි ගොඩක්ම දෙමල හෝ හින්දි ඒවා තමයි. horror films නම් බලන්නෙම නැති තරම්..😬
අතිශයෝක්තිය තියන අවස්ථා වැඩි උනත්, විශේෂ හේතුවක් නැති උනත්, මං දෙමල භාෂාවටයි ෆිල්ම්ස් වලටයි තමා ගොඩක්ම කැමති. පොඩි කාලේ ඉදන්ම, tv එකේ යන tamil film එකක්, සමහර වෙලාවට මුල ඉදන් එක දිගට බැලුවේ නැති උනත් ෆිල්ම් එකේ අන්තිම විනාඩි 30 හරි මං බලන්න පුරුදු වුණා. ඒ හේතුව නිසා සමහර ඒවා අමතක උනත් ගොඩක් tamil films වල පොඩි කොටසක් හරි මන් බලල තියනවා කියල මට කියන්න පුළුවන්.අන්න ඒ වගේ, මං අවුරුදු 5කට 6කට විතර කලින් දෙතුන් පාරක්ම tv එකේ යනවා දැකල අගක් මුලක් දන්නේ නැතුව ඒ දෙතුන් පාරම තැන තැන්වලින් බලල තියන ආයෙත් මෑතකදී බලපු ෆිල්ම් එකක් ගැන තමා අද ලියන්න යන්නේ..

'Naaigal Jakirathei' ('நாய்கள் ஜாக்கிரதை') තමා ඒකෙ නම..'බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න'🐕🦺(Beware of Dogs) කියන අර්ථය ඇතුව ඒ නම දාල තියෙන්නේ ඒ කතාව පුරාවට දඟකාර බල්ලෙක් ඉන්න නිසයි.
මේ කතාව පටන් ගන්නෙම මනී(Subhramani)🐕🦺 කියන සුනඛයා ඉන්න scene එකකින්. මනී කියන්නේ හමුදාවට අයිති අපරාධ අල්ලන්න පුහුණු කරපු සුනඛයෙක්, ඒත් එයාගේ ස්වාමියා වෙඩි වැදිලා මැරුණට පස්සේ මනීව බලාගන්න ඒ සෙබලාගේ තාත්තට භාර දෙනවා.තමන්ගේ ස්වාමියාට වෙඩි වැදුණු වෙලේ ලග හිටපු මනී වෙඩි සද්දෙට බයයි.
ඒ අතරතුරම අපරාධ කල්ලියක් ගැහැණු ළමයෙක්ව පැහැර ගන්න යද්දී ඇයව බේරගන්න කාර්තික් තවත් පොලිස් නිලධාරියෙක් එක්ක යනවා, ඒ වෙලේ ඇති වෙන ගැටුමෙන් කාර්තික්ගේ යහළුවා මැරෙනවා වගේම එයාගෙත් කකුලට වෙඩි වදිනවා. වෙඩි වැදුන එකත් එක්ක ඇති වුණු කම්පනේ නිසා ඔහුට තුවක්කු සද්දේ ඇහෙද්දී ආතතියක්, බයක් ඇති වෙන්න ගන්නවා.
මනීගේ අලුත් ස්වාමියා, තුවාල නිසා ගෙදර ඉන්න කාර්තික්ට, ටික දවසකට මනීව බලාගන්න කියල කියනවා. කාර්තික් ඒකට අකමැති උනත් අන්තිමේදී ඒ දෙන්න ගොඩක් හොඳ යාලුවෝ වෙනවා.
ඒත් එක්කම කලින් කියපු අපරාධ කල්ලියම කර්තික්ගෙන් පලිගන්න, බිරිඳ වුණු රේණුකාව පැහැරගෙන මිනිපෙට්ටියක් ඇතුලට දාල පන පිටින් වළලනවා. එකේ camera එකක් සෙට් කරලා අපරාධ කල්ලි නායකයා, කාර්තික්ටත් පේන්න share කරනවා. මිනි පෙට්ටියේ ප්‍රමාණය අනුව තව පැය 6ක් විතර රේණුකා ජිවත් වෙනවා කියල දැනගන්න කාර්තික්, පෙට්ටිය ඇතුලේ තියෙන camera එකෙන් පෙට්ටිය ඇතුලට වතුර එනවා දකිනවා. ඒ වෙලාවේ වැස්ස තිබ්බ එකම පැත්ත වුණු ooty (in Tamil Nadu) වලට යනවා හොයන්න.
මනිව අරන් ගියාට, එක පාර කලබල කරන්න ගත්තු නිසා සිහි නැති කරලා දාල යන්න වෙනවා, කලබල වෙන්න හේතුව වුනෙත් අපරාධකාරයෝ ඒ ලගින් පාරේ යනවා කියල මනීට ඉව දැනිල තිබුණු නිසයි.
කාර්තික් අනිත් අයගෙන් වෙන් වෙලා කැලෑව ඇතුලේ හොය හොය ඉද්දි අපරාධකාරයෝ එයටත් පහරදීල පෙට්ටියක් ඇතුලට දාල වළලනවා. ඒ අතරතුරේ සිහිය එන මනී, කාර්තික්ව හොයාගෙන එනවා. වළලල තියන තැන හාරලා කාර්තික්ට එලියට එන්න උදව් කරනවා.
ඒත් අපරාධකාරයෝ, අයෙත් දෙන්නටම වෙඩි තියන්න පටන් ගන්නවා. කාර්තික්ට වෙඩි තියද්දි මැද්දෙන් පනින මනීට වෙඩි වැදෙනව, ඊට පස්සේ නැවත සටන් කරන කාර්තික් අපරාධකාරයන්ට ගහනවා. ඒත් ඊට කලින් වෙඩි පාරවල් කිහිපයක්ම වැදුණු මනී මාරාන්තිකව වැටෙනවා. වෙඩි වැදිලා හිටියත් කාර්තික්ගේ බිරිඳව වළලල තියන තැන ලකුණු කරලා මනී රේණුකාගේ ජීවිතය බේරාගන්නවා.
මං මේක බලපු මුල්ම දවස් වල, ඒ කියන්නේ අවුරුදු 10/ 11දි වගේ, බලලා ගෙදරින් එලියට බහින්නත් බය උන හැටි මට තාම මතකයි, මොකද පොලොව යට කාවහරි වළලල ඇති කියල මට හිතුන,🙄😄 ඒත් අවුරුදු ගානකට පස්සේ දැන් බලද්දී ඒ විදිහට හිතුනේ නැත්තේ එක රඟපාපු එකක් කියල මං හොදටම දන්න නිසා වෙන්නෝන.
ෆිල්ම් එක අවසාන වෙන්නේ කාර්තික්ගේ අලුත් බලු පැටියා වුණ 'චීන්නමනීගේ' කොටසකිනුයි.
You can watch it from the below link. All the screenshots were got from that video.
You have good writing skill.. Nice structure.... Keep it up...
Good...
Thank you so much for your appreciation
It means a lot to me
බල්ලෙක් ඉන්න හින්දා ගොඩක් ලස්සන කතාවක් වෙන් ඕනෙ. ❤️
මටත් මේකම හිතුන
ou eka nm aththa🤗
ane mama balapu lassanama film ekak . e balla nisa thama mamat baluwe . ❤️
Hee sathutui kalin balala thiyana kenekwa hambunu eka gana
Ballek inna nisa math balnnam ona. Tamil film walat asa nathath meka kiyewwm asa hithuna. lssnt liyla thinw. good luck nangi
Thank you aiye
tamil film walata asa nathi unata ballek inna nisa oya mekata kamathi wei.
kathawa lassana patai..
ou film eka lassanai
mul hariya thama godakma lassana
interesting ...
😁😁
බල්ලො රගපාන හැම කතාවම හොඳයි. මුලු කතාවම හොදට ලියල තියන නිසා බලන්න ඕන නෑ ආයෙ වෙලාව නාස්ති කරන් film එක. 😋
hee😁eka nm aththa
thank you akke