Mumbai Indians
ඉතින් Ipl තරගාවලිය ගැන කතා කරද්දි, විශේෂම වූ කණ්ඩායම් දෙක අතරින් එක කණ්ඩායමක් ගැන කලින් ආටිකල් එකෙන් මම ලිව්වා.අද ලියන්න යන්නේ අනිත් කණ්ඩායම ගැන.ඒ වෙන කවුරුත් නෙවෙයි, Mumbai Indians කණ්ඩායමයි.මේ කණ්ඩායම ගැන කතා කරද්දි ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ට විශේෂ වුණේ කාලයක් පුරාවට අපේ කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මේ කණ්ඩායම හා සම්බන්ධව ipl තරගාවලි ක්‍රීඩාා කරපු නිසා.ඉන් නොනැවතුනු ලසිත් මාලිංග දැනටත් වේග පන්දු පුහුණුකරු ලෙස Mumbai Indians කණ්ඩායම සමග එක්වෙලා ඉන්නවා.
ipl තරගාවලි තුළ සාර්ථකම කණ්ඩායම විදිහට Mumbai Indians කණ්ඩායම පෙන්වා දෙන්න පුළුවන්.මොකද තරඟාවලින් පහක ශූරතාවයත් , ශූරයන්ගේ තරගාවලි දෙකක ශූරතාවයත් දිනා ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වෙලා තියෙනවා.ඉතින් මේ තරගාවලි වලදී සාර්ථකම නායකයෙක් විදිහට Rohit Sharma පෙන්වා දෙන්න පුළුවන්.ඉතින් දැන් නම් කණ්ඩායමේ නායකත්වය පසුගිය තරගාවලියේ ඉඳලා Hardik Pandya ට හිමිවුනා.ගියවර සාර්ථක වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වුණේ නැහැ.මුකේශ් අම්බානිගේ හිමිකාරත්වය යටතේ තිබෙන මේ කණ්ඩායමට ප්‍රධාන පුහුණුකාරත්වය දරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ නායක මහේල ජයවර්ධන විසින්. ඒඒ වගේම පිතිකරන පුහුණු කරු ලෙස බටහිර ඉන්දිය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩක කිරන් පොලාඩ් දායකත්වයවය දරනවා.ඉතින් ඉතා හොඳ ක්‍රීඩකයන් සංයුතියකින් සමන්විත මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගාවලියේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු.