Lucknow Super Giants

in Steem Sri Lanka4 days ago

1000173872.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. දන්නවනේ මේ දවස්වල ලොකුවටම යන්නේ IPL භීෂණයනේ. ඒ නිසාම අදත් ලියන්න යන්නේ විශේෂ වූ කණ්ඩායමක් ගැන.ගියවර මේ කණ්ඩායම ගැන වැඩියෙන්ම කතාබහට ලක් වුණේ කණ්ඩායමේ නායකයා හා සම්බන්ධ කරුණු නිසයි. ඉතින් Lucknow කණ්ඩායමට Ipl ශූරතාවයන් නම් එකක්වත් ලබා ගැනීමට හැකියාව ලැබිලා නැහැ.නමුත් තරගාවලි වලදී හොඳින් දස්කම් පෙන්නන්න නම් කණ්ඩායම සමත් වුණා.

2022 වර්ෂය ipl තරගාවලියට සම්බන්ධ වූ lucknow කණ්ඩායම එම වර්ෂයේදීී සහ 2023 වර්ෂයේදී play off ව්ටයට පැමිණීමට සමත් වූ අතර 2024 වසරේදී හත් වෙනි ස්ථානයේන් සෑහීමකට පත්වීමටට සිදුවුණා.කණ්ඩායමේ හිමිකාරීත්වය RPSG group විසින් දරන අතර පුහුණුකාර ධූරය දරන්නේ justin langer විසින්.ඒ වගේම මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේ Rishabh pant විසින්.Rishabh pant කියන්නෙත් බාධක රැසක් මැද නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයෙක්.දරුණු අනතුරකින් පසුව නැවතත් ඉතා කෙටි කාලයකින් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙනවා කියන්නේ ක්‍රීඩකයෙක්ට එතරම් පහසු කාර්‍යයක් නෙවෙයි.නමුත් pant විසින් ඒක හොඳින් ඔප්පු කරා.මේ වන විට lucknow කණ්ඩායම තරග පහකදී තරග තුනක් ජයගනිමින් 6වෙනි ස්ථානයේ රැඳී ඉන්නවා.මොකද හිතන්නේ ඔයාලගේ winning team එක lucknow වෙන්න පුළුවන්ද????