Joe Root
ඉතින් කවුරුහරි ඇහුවොත් ඔයාගෙන් වර්තමාන ටෙස්ට් පිටිය තුළ සිටින විශිෂ්ටතම පිතිකරුවා කවුද කියලා. කවුද එකපාරටම ඔයාගේ ඔළුවට එන්නේ? මට නම් ඉන්නෙ ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙක්.ඒ ස්ටීවන් ස්මිත් සහ ජෝ රූට්. ඒ අතරින් පළමු තැන ස්ටීවන් ස්මිත් සතු වෙනව. ඒ වුනාට මම අද ලියන්න යන්නේ ජෝ රූට් ගැන.මේ දවස්වල ලොකු කසුකුසුවක් යනවා, සචින් ගේ වාර්තා කැඩෙයිද කියලා? ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි ජෝ රූට්නිසා.ටෙස්ට් පිටිය තුළ සචින් තෙන්දුල්කාර් ජාත්‍යන්තර ලකුණු 16000ට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර, ජෝ රෝට් විසින් ලකුණු 13000 සීමාව ඉක්මවා ඉන්නවා.ඒ අතරම වැඩිම ලකුණු ලාභීන් අතර ඔහු පසු වන්නේ පස්වෙනි ස්ථානයේ.ඒ වගේම තමයි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙන්නේ ඔහු.
ජෝ රූට්ට වයස දැන් අවුරුදු 35ක්. ඔහුට් තව අවුරුදු තුනක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකිනම් තෙන්ඩුල්කාර්ගෙ වාර්තා කඩන එක මම හිතන්නේ නැහැ එච්චර අමාරු වේවි කියලා.මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා එංගලන්ත කණ්ඩායමට ලැබෙන ටෙස්ට් තරග සංඛ්‍යාව ගොඩක් වෙලාවට ඉහල අගයක පවතිනවා.හරි අපි ඔක්කොටම කලින් ජෝ රූට්ගෙ stats ගැන බලමුකෝ.ජාත්‍යන්තර ටෙස්ට් තරග 156 දී ටෙස්ට් ලකුණු 13259ක් ලබා ගනිමින් තම පිතිකරන සාමාන්‍ය 50ට ඉහල අගයක පවත්වාගැනීමටත් ජෝ රූට් සමත් වෙලා තියෙනවා.එක් දින පිටිය තුලත් ඔහුගේ පිතිකරන සාමාන්‍ය 50ට ඉතා ආසන්න අගයක පවතිනවා.දකුණත් පිතිකරුවෙක් වන ජෝ රූට් පන්දු යැවීම අතිනුත් දක්ශතා දක්වන්න සමත් වෙලා තියෙනව.ඉතින් මොකද ඔයා හිතන්නෙ ජෝ රූට්ට පුලුවන් වෙයිද තෙන්දුල්කාර්ගෙ වාර්තාව කඩන්න පුලුවන් වෙයිද ? ඔයාලගෙ අදහසත් කියන් යන්නකො.