History Is Made

in Steem Sri Lanka2 months ago

1000024082.jpg
source
ඉතින් මා ප්‍රිය ක්‍රිකට් රසිකයිනි, වසර 27ට පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම ඔවුන්ට අනිවාර්යෙන්ම හිමි වියයුතු ICC කුසලානයක පහස විද දරා ගනිමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර ටෙස්ට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා.ස්මිත්ලා ඩිවිලියර්ස්ල , ඩුප්ලෙසීලා අවුරුදු ගණනාවක් තිස්සේ උපරිම උත්සාහ කරපු ඒ සිහිනය සැබෑ කරන්න සමත් වුණේ අඩි පහක් විතර උස ටෙම්බ බවුමා විසින්.ප්‍රථම ඉනිම අවසානයේ වැඩි වාසි දිනාගෙන තිබුණේ ඕස්ට්‍රේලියනු කණ්ඩායමයි.නමුත් දෙවෙනි ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ද මන්ද කරමින් විශිෂ්ට පන්දු යෑමක නිරත වූ දකුණු අප්‍රිකා කණ්ඩායම 207ට සීමා කරේ තරගයේ ජය දෙපිලටම දෝලනය කරමින්.නමුත් ඔවුන්ට ලැබුණු ඉලක්කය නම් එතරම් පහසු නැහැ.

ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට ලකුණු 282ක ඉලක්කයක් හිමිවුණා.දකුණු අප්‍රිකා පිතිකරන බලඇණියේ ප්‍රථම කඩුල්ල ස්ටාර්ක් ලබාගැනීමත් සමග තරගයේ වැඩි වාසී ඕස්ට්‍රේලයනු කණ්ඩායම සතු වුණා.නමුත් ජයග්‍රහණය නියමුවා බවට පත්වෙමින් ඕස්ට්‍රේලියානුකණ්ඩායමේ පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් Aiden Makram ලකුනු 136 දැවැන්ත ඉනිමක් දියත් කරන්නේ Tember Bavuma සමග සාර්ථක සබඳතාවක්ද පවත්වාගෙනන යමින්.තම නායකත්වය වගකීම් මනාව ඉටු කළ Tember Bavuma දකුණු අප්‍රිකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ නංවන්නේ තමාගේ පාදේ ආබාධයත් සමඟ ලකුනු 66ක සටන්කාමී ඉනිමක් දියත් කරමින්.දකුණු අප්‍රිකා ක්‍රිකට් ඉතිහාසයේ බෝහෝ දෙනෙකු දුටු නමුත් ළඟා කර ගැනීමට නොහැකි වුන "ලෝක ශූරතා" සිහිනය වෙනුවෙන් වාර්තා වුන ඒ ශතකය, අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.ඉතින් ප්‍රිය ක්‍රීඩා ලෝලී හිත මිතුරනි දකුණු අප්‍රිකා ක්‍රිකට් වෙනුවෙන් ඒ දවස උදාවුනා..!

දැන් ඔවුන් ලෝක ශූරයන්..❤️