Gujarat Titans
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස් ටිකේ වගේම අදත් ලියන්න යන්නේ ipl සීසන් එකේ කැපී පෙනෙන තවත් කණ්ඩායමක් ගැන.මේ කණ්ඩායම කැපී පෙනෙන කණ්ඩායමක් වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.ඒ තමයි ඔවුන් සහභාගි වුන පළමු IPL තරගාවලියේදීම ශූරතාවය දිනා ගැනීමට මෙම කණ්ඩායම සමත් වුණා.ඉතින් Hardik Pandyaගේ නායකත්වයෙන් තරඟ බිමට පැමිණි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඒ වර තරග වැදුණු අනිත් කණ්ඩායම සියල්ලටම දැඩි අභියෝගයක් වෙමින් ශූරතාවය පහසුවෙන් දිනාගැනීමට සමත් වුණා.එපමණක් නොවෙයි ඊට පසු තරගාවලියේදීත් කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් වූ ගුජරට් ටයිටන්ස් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමටද සමත් වුණා.ඉතිං ඒ නිසා අද අපි කතා කරන්නේ යන්නේ එසේ මෙසේ කණ්ඩායමක් ගැනන නෙවෙයි.
ඉතිං ගුජරාට් ටයිටස් කණ්ඩායම මේ තරඟ වදින්නේ ඔවුන්ගේ හතරවෙනි ipl තරගාවලියයි.නමුත් ඉන්න කණ්ඩායමේ ක්‍රීඩකයන් නම් හොඳ පලපුරුදු සහිත ක්‍රීඩකයින්.මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේ Shubman Gill විසින්.ගියවර තරගාවලියේදී යම්කිසි පසුබෑමක් තිබුණත් මෙවර තරගාවලියේ මේ වන විටත් ඒ අඩුපාඩු සියල්ල මනාව හදාගෙන තරගාවලියට ජයග්‍රාහි ආරම්භයක් ලබාගෙන තිබෙනවා.ඒ වගේම පිතිකරණයෙන් සහ පන්දු යවන්නන්ගෙන් ලොකු කාර්යභාරයක් කණ්ඩායමට ලබාදෙන බවත් තරගාවලියේදී අපිට බලාගන්න පුළුවන්.ඉතින් Gujarat Titans කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ හිටපු ඉන්දියානු වේගපන්දු ක්‍රීඩක අශීශ් නෙහාරා විසින්.ඉතින් ඔයාල මොකද හිතන්නේ මේවර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීමට පුළුවන් වේවිද?????