Finally RCB

in Steem Sri Lanka11 days ago

1000018940.jpg
source

ඉතින් ක්‍රිකට් රසිකයිනි වසර ගණනාවක් පුරාවට උත්සාහ කරලා උත්සාහ කරලා කොහොමහරි IPL ශූරයින් බවට පත්වෙන්න RCB කණ්ඩායමට හැකි වුණා.සමාජ මාධ්‍ය ජාලා තුල IPL season එකේදි ප්‍රබල තැනක් ගන්න කණ්ඩායමක් තමයි RCB කණ්ඩායම.ඒ වගේම තමයි කොච්චර පරාද උනත් RCB කණ්ඩායමේ රසිකයින් ඒ කාලෙට පුදුම තරම් උනන්දුවෙන් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නොසැලී ඉන්නවා. කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් විදිහට මම හිතන්නෙ වැඩියෙන්ම සතුටු වෙන ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. ඔහු වසර දහයකට අධික කාලයක් RCB කණ්ඩායම සමග එක්වී සිටිය අතර අවසානයේ තමන්ගේ කණ්ඩායමේ ශූරතාවයක පහස විඳීමට විරාත් කෝලිට හැකිවුණා.ඒවගේම තමයි කණගාටුදායක පුවතකුත් මේත් සමගම සැලවුනා.කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීමට පැමිණි rcb රසිකයින් 10ට අධික ප්‍රමාණයක් තෙරපීම නිසා ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා.ඉතින් අද ipl අවසන් මහා තරඟය ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ Iyer ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ IPL ශූරතාවයක කුලුදුල් පහස Punjab Kings කණ්ඩායමට ලබාදීමේ අරමුණින්.නමුත් එතරම් ලේසියෙන් එය ලබාදීමට මැළි වුණු විරාත් කෝලි ප්‍රමුඛ RCB පිතිකරන බලඇණිය ඔවුන්ගේ පන්දු වාර 20 අවසානයේදී ලකුණු 190 රැස්කරේ ව්ඩිම ලකුනු ලාභියා කෝලි බවටද පත්වෙමින්.පංජාබ් කණ්ඩායම වෙනුවෙන් Jamieson සහ Arshdeep Singh කඩුලු තුන බගින් දවාගැනීමටට සමත් වුණා.191 තීරණාත්මක ඉලක්කය පසු කිරීමට පැමිණි පන්ජාබ් කණ්ඩායමේ බලාපොරොත්තු මුල් පෙළ පිතිකරුවන් යම්තාක් දුරකට සපල කරත් Iyer ගේ තීරණාත්මක කඩුල්ල දැවී යාමත් සමග ඒ සියලු බලාපොරොත්තු මැකී ගියා.ඒ වගේම Shashank Singh හුදෙකලා ඉනිමක් තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලද එය ජයග්‍රහණයට සීමා වුණේ නැහැ.ඒ අනුව IPL ශූරතාවයක කුළුඳුල් පහස විඳීමට RCB කණ්ඩායම සමත් වුණු අතර මෙවර IPL තරගාවලිය තුළ පෙරලිකාරම කණ්ඩායම වුනු පන්ජාබ් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.