Abhishek Sharma

in Steem Sri Lanka18 hours ago

1000070312.jpg

source

ආසියානු කුසලාන තරගාවලියත් එක්ක ලෝක ක්‍රිකට් තුළ වැඩියෙන්ම කතාවට නමක් ගැන තමයි අද ලියන්න යන්නේ.ඒ තමයි අභිෂේක් ශර්මා.අභිෂේක කියන්නේ අවුරුදු විසිපහක පොඩි කොල්ලෙක්.නමුත් විස්සයි විස්ස ක්‍රිකට් තුළ අමුතුමාකාරයේ පෙරළියක් කරන්න අභිෂේක් ශර්මා සමත් වෙලා තියෙනවා.අභිෂේක් ගැන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියටත් පෙර කතා වෙන්න පටන් ගත්තේ IPL තරගාවලිය තුළ ඔහුගේ විශිෂ්ට දක්ෂතාත් සමඟයි.Sunrises Hydrabad කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ අභිෂේක් ශර්ම ආරම්භක පිතිකරුවෙක් ලෙස Travis head සමග වෙනමම ආකාරයේ පෙරළියක් කරන්න සමත් වුණා.ඔවුන් දෙදෙනා power play එක තුළ පන්දු යවන්නන් විඩාවට පත් කළේ දැවැන්ත ලෙස ප්‍රහාරයන් දියත් කරමින්.ඒ වගේම පන්දු වාර විස්ස අවසානයේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන් දෙදෙනාගේ දායකත්වය නොමසුරුව ලැබුණා.

වමත් පන්දු යවන්නෙක් වමත් පිතිකරුවෙක් ලෙස තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන්න සමත් අභිෂේක් ශර්මා ඉන්දියා ජාතික කණ්ඩායමට වරම් දිනාගන්නේ 2024 වර්ෂයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.ඉන්පසුව දිගින් දිගටම දක්ෂතා අතර සිටි අභිෂේක් ශර්මා මේ වන විට තරග 53ක් ක්‍රීඩා කළ ඇති අතර ශතක 2ක්.සහ අර්ධ ශතක 5ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තියෙනවා.ඒ වගේම තමයි 2025 වර්ෂයේ අංක එකේ පිතිකරුවා ලෙස නම් දරා සිටින්නේ අභිෂේක් ශර්මා විසින්.දැනට ඔහු ක්‍රීඩා කරන්නේ විස්සයි විස්ස තරඟ රටාවේ පමණයි.අපි බලමු ඉදිරියට ඔහුගේ ක්‍රීඩා හැකියාවන් මොන විදියට තියේවිද කියලා.කොහොමහරි විස්සයි විස්ස ක්‍රිකට් තුළ ඊනියාව වෙනුවෙන් ලොකු දෙයක් කරාවි කියලා හිතන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි අභිශේක් ශර්මා කියන්නෙ.

Sort:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟