සුභ අලුත් අවුරුද්දක්...
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද දවස සිංහල හින්දු ජනතාවට වගේම ගොඩක් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දවසක්.ඒකට හේතුවත් ඔයාලා දන්නවා, මොකද අද තමයි සිංහල සහ දෙමළ ජනතාවට විශේෂ දවසක් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදිලා තියෙන්නේ.ඉතින් සම්ප්‍රදායානුකූලව විශේෂ වූ චාරිත්‍ර වාරිත්‍ර බොහොම ප්‍රමාණයක් අලුත් අවුරුද්ද සමගාමීව යෙදිලා තියෙනවා.ඉතින් ගොඩක් පාසල් ළමුන්නම් ආසාවෙන් ඉන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙනකන්, මම පොඩි පොඩිකාරිත් ගොඩක් ආසාවෙන් ඉන්නේ අලුත් අවුරුදුු දවස් වෙනකන්. මොකද නෑදෑ ගෙවල් වල යන්න සෙල්ලම් කරන්න පාසල් ළමයින්ට ඉතින් ගොඩක් වෙලාවට පුළුවන් වෙන්නේ අලුත් අවුරුද්දට තමයි.මොකද ඉතින් අම්මලා තාත්තලාගේ නිවාඩු හම්බෙන්නෙත් අලුත් අවුරුද්දට නේ.
ඉතින් අලුත් අවුරුදු උත්සව, ජන ක්‍රීඩා ,චාරිත්‍ර වාරිත්‍ර වගේ විශේෂ දේවල් වලින් අලුත් අවුරුද්ද තව තවත් ලස්සන වෙනවා.ඒ කාලෙට මුලු ගමම ලස්සනයි. පරණ හිතවත්කම් තවත් වැඩි වෙන්න වගේම පරණ තරහ මරහ අමතක කරලා සාමය සතුට බෙදා ගන්නත් මිනිස්සු අලුත් අවුරුද්දට පුරුදු වෙලා තියෙනවා.අවාසනාවට ටිකෙන් ටික පරණ දේවල් නැති වෙලා ගියත් තවම අලුත් අවුරුද්දේ හැඟීම නම් මිනිස්සුන්ගේ හිත් වල තියනව.හැමදාම අලුත් ඇඳුම් ගන්නේ නැති මිනිස්සු අලුත් අවුරුද්දට විතරක් ඇඳුමක් හරි ගන්නෙ පොඩි එවුන්ගේ හිත් වල සතුට දෝරේ ගලමින්.ඉතිං රටේ ලොකු පාලනයේ වගේම ගොඩක් දේවල් වලින් වෙනසක් වූ කාලවකවානුවක මේ අලුත් අවුරුද්ද රටට වාසනාව ගෙනදෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා හැමෝටමත් මුළු රටටමත් ප්‍රාර්ථනා කරනවා.
Congratulations
This post has been curated by
Team #5
@damithudaya