DROP (2025)

in Steem Sri Lanka6 days ago

කවුරුම හරි දෙන්නෙක් ආශ්‍රය කරන්න පටන් ගෙන ඒ දෙන්නගේ පළවෙනි ඩේට් එකේදිම දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිත් එක්කෙනාව මරන්න කියලා කවුරු හරි බ්කැක්මේල් කරලා පළවෙනි ඩේට් එකම විනාස උනොත් ඒක කොහොම තියේවිද. අද අරගෙන එන කතාව ඒ වගේ සිදුවිමක් ඇසුරින් ගොඩනැගුනු චිත්‍රපටියක්. ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි "DROP". 2025 අප්‍රේල් 11 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටිය පැය 1යි විනාඩි 40ක් පුරාවට නරඹන්න පුලුවන්. Thriller/Mystery යන Category එකට අයත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර ඇත්තේ Christopher Landon විසිනුයි. ඒ වගේම තමයි IMDB 6.2/10 සහ Rotten Tomatoes 84% ක අගයක් ලබා ගැනිමට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

IMG_0452.jpeg

මෙහි ප්‍රධාන චරිත ලෙස Meghann Fahy "වයලට්" ගේ චරිතයත්, Brandon Sklenar "හෙන්‍-රි" ගේ චරිතයත් නිරූපණය කරනවා. සෙසු චරිත ලෙස Violett Beane, Gabrielle Ryan, Reed Diamond යන අයද මෙහි රංගනයෙන් දායක වනවා. ඇමරිකානු ඩොලර් මිලියන 11ක වියදමකින් නිපදවූ මේ චිත්‍රපටිය, ඇමරිකානු ඩොලර් මිලියන 28.4ක බොක්ස් ඔෆිස් අදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

IMG_0453.jpeg

ඉතින් කතාව පැත්තට හැරුනොත් වයලට් කියන්නේ සැමියා නොමැතිව ජීවත් වෙන කාන්තාවක් ඒ කියන්නේ වැන්දඹු කාන්තාවක්. වයලට් කියන්නේ තමන්ගේ සැමියාගෙන් වදහිංසා වලට ලක්වුණු කාන්තාවක්. දිනක් මොවුන් දෙදෙනා අතර ඇතිවන රණ්ඩුවකදි වයලට්ගේ සැමියා වන බ්ලෙක් සියදිවි නසා ගන්නවා. ඉන්පසුව වයලට් එයාගේ පුංචි පුතා වුන ටෝබි එක්ක ඊට පස්සේ තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් කාලයක් ගත වුනාට පස්සේ එක්තරා ඇප් එකක් හරහා හදුනා ගන්න පුද්ගලයෙක් සමග ඇය හාද වෙනවා. ඔහුගේ නම තමයි හෙන්-‍රි. ඉතින් මේ හෙන්-‍රි සහ වයලට් දෙන්නාගේ පළවෙනි පෙම් හමුව පැලට් කියන තරුපන්තියේ හෝටලයක ඔවුන් සිදුකරනවා.

IMG_0450.webp

ඉතින් මොවුන්ගේ පෙම් හමුව ආරම්භ වුන මොහොතේ සිට වයලට්ගේ දුරකථනයට විවිධ අකාරයේ මැසේජස් එන්න පටන් ගන්නවා. ඒවා DROP කියලයි ඔවුන් සදහන් කරන්නේ. මේවා මුලදි මීම් අකාරයට පැමිණුනත් පසුව ඒවා දරුණු වෙන්න පටන් ගන්නවා. මෙහිදි ඇයව බ්ලැක්මේල් කරන පුද්ගලයා පවසන්නේ ඇයත් සමග පෙම් හමුවේ සිටින හෙන්-‍රිව මරන ලෙසයි. එහෙම නොකොලත් ගෙදර ඉන්න එයාගේ පුතාව මරනවා කියලා ඇයව බය කරනවා. ඉතින් මේ හෝටලයේ එම මොහොතේ ඒ ආපනශාලාවේ ඉන්න කිහිප දෙනෙක්වම සැකකරත් ඒ කවුරුද කියලා මුලදි හරියටම හොයාගන්න බැරි වෙනවා. නමුත් අවසානේදි ඇය හොයාගන්නවා ඒ DROP එවන්නේ කවුද කියලා. ඒ අවස්ථාවේදි එතන විශාල ගැටුමක් ඇතිවෙනවා. එහිදි එම DROP එවපු පුද්ගලයා මරනයට පත්වෙන අතර, වයලට් එයාගේ පුතාවත් බේරගන්නවා.

ඉතින් පැයකුත් විනාඩි 40ක් කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් තමයි මේක. 😉

Sort:  

ඕක ෆට්ට. මාත් බැලුව ආපු ගමන් ම 🥂