Cleaner (2025)

in Steem Sri Lanka5 days ago

ඇත්තටම කෙල්ලෙක්ට පුලුවන්ද උස ගොඩනැගිලි වල විදුරු පිරිසිදු කරන්නියක් වෙන්න. ඔව් එහෙම අයත් ඉන්නවා අද කතාව ඒ වගේ උස ගොඩනැගිලි වල පිටත වීදුරු පිහදමන කෙල්ලෙක් මුහුණ දුන්නු ත්‍රාසජනක Film එකක් ගැන. ඉතිං මේ Film එකේ නම තමයි Cleaner. 2025 පෙබරවාරි 21 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය මේ වන විට IMDB 5/10 ක අගයක් ලබාගැනිමට සමත් වෙලා තියෙනවා. Martin Campbell විසින් අධ්‍යක්ෂනය කර ඇති මේ චිත්‍රපටිය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 Box Office ආදායමක් ලබා ගැනිමටද සමත් වෙලා තියෙනවා. Action/Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය මිනිත්තු 96ක් පුරාවට කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් ලෙස නම් කරන්න පුලුවන්.

IMG_9704.jpeg

ඉතිං කතාවේ ප්‍රධාන චරිතය වන ජොආන ගේ චරිතය නිරූපනය කරන්නේ Daisy Ridley විසින්. ජොආනා කියන්නේ පොඩි කාලේ ඉදන්ම පවුලේ පීඩනයත් එක්ක ජීවත් වුනු ගෑණු ළමයෙක්. පොඩි කාලේ ඉදන්ම තමයි මෙයාට උස තැන් වලට නගින පුරුද්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතිං මෙයා ලොකු උනාම හමුදාවට බැදිලා තියෙනවා. ඒත් නාවික හමුදාවට බදවා ගැනිමේදි කණඩායමේ කෙනෙක්ට පහර දීම නිසා මෙයාව හමුදාවෙන් අයින් කරලා තියෙනවා. ඉතිං ඊට පස්සේ මෙයා උස ගොඩනැගිලි වල පිටත වීදුරු පිරිසිදු කරන්නියක් විදිහට තමයි රැකියාව කරන්නේ.

IMG_9706.webp

ඉතිං එක්තරා දවසක මෙයා රැකියාවට යනකොට මෙයාට මෙයාගේ මල්ලිවත් එයත් එක්ක තියාගන්න වෙනවා. මෙයාගේ මල්ලිට පොඩි මොලේ ආශ්‍රිත රෝගයකුත් තියෙනවා. ඉතිං අවාසනාව කියන්නේ එදා දවසේම ඒ ස්ථානයට Attack එකක් සිද්දවෙනවා. දුෂණය හෙලිදරව් කිරිමේ අරමුණින් රැඩිකල් ක්‍රියාකාරින් පිරිසක් ලෙස සිටින පරිසර හිතාවාදි කණ්ඩායමක පිරිසක් ඇග්නියන් කියන බලශක්ති සමාගමේ රාත්‍රි උත්සවයකට කඩා වදිනවා. ඉතිං මොවුන්ට අවශ්‍ය කරන්නේ මේ සමාගම හා සම්බන්ද දූෂණ ලෝකයට අනාවරනය කිරිමටයි.

IMG_9707.webp

ඔවුන්ට අවශ්‍ය තොරතුරු ඔවුන් එකතු කරමින් සිටියත් එම ගොඩනැගිල්ලෙන් පිටත ඉන්න ජොආනාට අවශ්‍ය කරන්නේ ඇතුලත හිරවෙලා ඉන්න එයාගේ මල්ලිව බේරගැනිමටයි. ඉතිං මේ රැඩිකල් කණ්ඩායමට හිටපු ලොකුම බාදාව තමයි ජොආනා. ඉතිං ජොආනාගේ දක්ෂතාවය නිසාම ඇයට පුලුවන් වෙනවා පොලිසිය දැනුවත් කරලා උදවු ලබා ගැනිමටත්, ගොඩනැගිල්ල ඇතුලට ගිහිල්ලා එයාගේ මල්ලිව ආරක්ෂිතව බේරගැනිමටත්. ඉතිං මේ නිසාම අර කණ්ඩායමට බැරිවෙනවා එයාලගේ වැඩේ කරගන්න. ජොආනාගේ හැකියාව නිසාම අවසානේදි ප්‍රාණඇපකරුවන් බේරගෙන එම ගොඩනැගිල්ල මුදවාගැනිමට පොලිසියට හැකි වෙනවා. ඉතිං ඒ අකාරයට තමයි කතාව අවසන් වෙන්නේ. මිනිත්තු 96 ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව ඔයාටත් මේ ක්‍රියාදාමයන් එකදිගට බලන්නට පුලුවන්.

Thank you....

Sort:  


Congratulations
This post has been curated by

Team #5

1000021440.webp

@mikitaly