මිතුරුදම් තහනම් ද...? | RadicalLover: Article 3

in Steem Sri Lanka2 years ago
ළඟදි මට ෆිල්ම් එකක් බලන්න සෙට් උනා. ඒකත් නිකන් හදිස්සියෙ උනු වැඩක්. මේ ළඟදි මට හිතුන කැම්පස් එක පැත්තෙ රව්මක් දාල එන්න ඕන කියල.පේරාදෙණිය කැම්පස් එකට ගියා කියන්නෙ ඒ භූමිය ඒ හොස්ටල් ඔකොම ජීවිත කාලයටම හම්බුනා වගේ තමා. Out උනත් දවසක් දෙකක් නැත්නම් ඊටත් වඩා කාලයක් හරි ඉදල එන්න ඒකෙ දැන් ඉගෙන ගන්න මල්ලි කෙනෙක්ගෙන් room එකක් ඉල්ල ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමේ.

ඇත්තටම මං කියන්න නම් ගියෙ මේක නෙමේ. කැම්පස් එකට ගියාම කට්ටියත් එක්ක ඕප දූප කතා කරනවනේ. ඒකත් එක්ක හරි ලස්සන කතාවක් ආවා. ඒ තමයි හොදම යාලුවො වෙලා ඉන්න අයට, නැත්නම් නෑදෑයො වෙලා ඉන්න අයට strong love affair එකක් පටන් ගන්න, පවත්වාගෙන යන්න බැරිද කියන එක.
අපිට ඉතින් මොන දේ කතා කරන්න ගියත් එතන තර්ක කරන්න නම් වෙනම සෙට් එකක් ඉන්නවා. කෝම හරි කතාව ලොකුවට යනකොට එතනිදි එක යලුවෙක් කීව ෆිල්ම් එකක් ගැන. පස්සෙ අපි ඔකොම
තර්ක විතර්ක පැත්තකින් තියල ඒ ෆිල්ම් එක බලන්න සෙට් උනා.

මේ කියන්න යන ෆිල්ම් එකේ වෙන්නෙ පුන්චිම කාලෙ ඉදන් එකටම ඉදිය හොදම යාලුවො දෙන්න කසාද බදින සීන් එකක්. කතාවනම් පට්ටම පට්ට. රොමෑන්ටික් එකයි ජෝක් එකයි ආතල් එකයි ඔක්කොම එකටම සෙට් කරල හදපු සුපිරි film එකක්. බයිල කියෙව්වට ෆිල්ම් එකේ නම කීවෙ නෑනේ. "Oh My Kadavule". කට්ටිය බලලත් ඇති මේක 2020 release කරපු මලයාලම් film එකක්.

org_27045202002151757.jpg

Source

RadicalLover articl serious එකට අලුත් අදහසක් ආව මේ ෆිල්ම් එකයි අපි ගත්ත කතාවයි එක්ක. ඒ තමා මිතුරුදම් තහනම් ද ආදරෙන් බැදෙන්නට කියලා...මං මගෙ article එක නම් කරේ ඒ විදියට

නොලියවුණු ගීතයක
තනුවක්ව වැයෙන්නට

නොකියවුණු කතාවක
අරුතක්ව රැඳෙන්නට

උරුම නැති සෙනෙහසක
පවුරක්ව හිඳින්නට

මිතුරුදම් තහනම් ද
ආදරෙන් බැඳෙන්නට

8.jpg

ඇත්තටම හොඳම යාලුවන්ට, අපි කියන්නෙ බොක්කෙ ෆිට් එක කියලා...ඒම දෙන්නෙක්ට ආදරේ කරන්නම බැරි ද? කතාව තව පොඩක් ඉස්සරහට අරන් ගිහින් මෙහෙම අහුවොත්, අයියලට නංගිලට සහෝදර
බැඳීමෙන් එහාට ගිහින් සම්බන්දතාවක් පටන් ගන්න බැරි ද? (මේක මං යාලුවෙක්ට කියන්න ගිහින් එයාට කතාවෙ topic එක කියන කොටම මාව නැවැත්තුවා. මේක කාමුක ආශාව ගැන කියන දෙයක් නෙමේ. අපේ ජීවිතය එක්ක බැඳුණු පොඩි කතාවක් විතරයි.) frame එකෙන් එපිටට ගිහින් නීතිය, සංස්කෘතිය, සදාචාරය, සවුක්‍ය කියන කාරණා වලින් එලියට ගිහින් නිදහසේ හිතල බලමු ද? මොකද සවුක්‍ය කියන කොටස ඇරෙන්න අනිත් දේවල් අපි විසින්ම හදා ගනිපු රාමූන්නේ. ඊළඟ article එකෙන් මේ සම්බන්දව එදා කතා වුනු කතාව මං ඔයාලට කියනම්.





Sort:  

Story line ekanm interesting wage. Try karala balanna ona movie eka.

Seems like an interesting movie 🎥