ද්විත්ව
උදා හිරු හා නැගී
වෑංජනයක් බතක් තනි ලිපේ
ලහි ලහියෙ පිස ඔතා
රැගෙන ගොස්
සරසවි බිම ඔබ ලඟින් හිඳ
සිප් සතර උගනිමි
ගෙවී දිවා කල
මිදී සතුටු සයුරින්
වෙලී මඳ අඳුරෙහි
බිතු සතරක කොටු වෙමි
ගෙවෙන තුරු සැන්දෑව
මිත්තණිය තුරුළේ
දුර ඈත ගම් දනව්වක හිඳ
තෙලබණු වයර දිග
විසල් ආදරය මවෙත
තිළිණ කර එවන්නී
නිදිමත, වෙහෙස මැද
දිග හළ පොතෙන් එබී
සිනා සලන්නී
දැවෙන මහදට
සිහිල් දිය ඉසින්නී
ඔබ නිසා මා ලොව දිනිය යුතු යැයි
සිහි කැඳවන්නී
දිගු නිදි නැති රැය ගෙවී
මෙන්න මා
යලිත් ඔබ ලඟ
කෙළි කවට බස් තෙපලන
නිති ඔබ සිනා ගස්වන
පුංචිම පුංචි දේකට
උස් හඬින් හිනැහෙන
ඔබේ හොඳම මිතුරිය මා
ඔබ නාඳුනන.
------ චාම් -----
Source of image : 123rf.com
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.