කාල යන්ත්‍රයකි මතකය
කලබල මග තොට
අහඹු නිමේශයක
නුහුරු බැල්මකින්
ඇවිලෙන සියුම් කිතියකි
කවදා කෙදිනක
කොතැනක නෙත ගැටිණි ද
මතක අවුළුවන
මේ ගුප්ත දෙනයන
කාල යන්ත්‍රයකි මතකය
රිසි විට රිසි තැනකට
අසුරු ගසන සැණින්
ගොඩ වැදිය හැකි
වල දැමූ රහස් යලි
ගොඩ දැමිය හැකි
අහා දැන් මතකය
ඔබ හුන් වග
කැරොල් කණ්ඩායමේ
අප වීදි සැරි සැරූ
ඒ අරුම සීතල රාත්‍රියේ
කිටිකිටියේ වෙව්ලමින්
ගත උණුසුම
දැනෙන නොදැනෙන
තරමට ලංව
පසු දාම අතුරුදන්
නොවිණි නම් ඔබ
එය වන්නට තිබිණි
අපගේ ප්‍රථම ප්‍රේමය
--- චාම්----
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
හරිම ලස්සනයි 💛
ස්තුතියි ඔයාට.
You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.