Munich
කොහොමද ඉතින් ඔයාලට, අද ලියන්න යන ෆිල්ම් එක ගැන ලියන්නේ ඊට පෙර පොඩි කතාවකුත් එක්කමයි. " අපිට කුමක් අවශ්‍ය වුවත් අපි එය ලබාගත යුතුම වන්නේ කිසිවෙකු අපට එය බන්දේසියක දමා ලබා නොදෙන නිසයි."ඉතින් මෙන්න මේ කියමනත් එක්ක අද යමු අපේ ෆිල්ම් එකට. අද ලියන්න යන්නේ හොලිවුඩ් සිනමාවේ අංක එකේ අධ්‍යක්ෂකවරයෙක් වන ස්ටීවන් පිල් බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2005 වර්ෂයේ නිකුත් වූ Munich ෆිල්ම් එක ගැනයි. Tragedy, Action , Thiller සහ History කියන් catogory කීපයටම අයත්වන මේ ෆිල්ම්එකට imdb 7.5ක ඉතා ඉහල අගයක් හිමි වෙලා තියෙනවා.
සුපිරි නළු නිළියන් කිහිප දෙනෙක්ගෙන්ම හැඩගැන්වෙන මේ ෆිල්ම් එකට ඔස්කා සම්මාන උළෙලවල් පහකට නොමිනේට් වෙලා තිබෙන අතර ඉන් සම්මාන 14 ක් දිනාගැනීමට සමත් වෙලා තියෙනවා.ඔයාලා අහලා තියෙනවද ඊශ්‍රායලේ මොසාඩ් සංවිධානයය ගැන. මොසාඩ් තමයි ලෝකයේ අංක එකේ රහස් සංවිධානය.ඉතින් ඒකෙත් කෙරුණු විශේෂම මෙහෙයුමක් ගැන තමයි අද ලියන්න යන්නේ.කතාව ගැන පොඩි හැඳින්වීමක් කලොත්, දෙවන ලෝක යුද්ධය පරාජයෙන් පස්සේ ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස වෙන වෙනම රජයවල් දෙකකින් තමයි පාලනය කරේ.1972 උළෙල බටහිර ජර්මනියෙ තමයි පවත්වන්න තීරණය කරලා තිබුණේ.ඉතින් කවුරුවත් හිතපු නැති විදිහට පලස්තීනුවන් ඔලිම්පික් ගම්මානයට පැනලා ඊශ්‍රායල ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් කරගන්නවා.ඉතින් ඔවුන් බේරගන්න යන මෙහෙයුමෙන් දරුණු ඛේදවාචකය්කින් අවසන් වෙන්නේ ක්‍රීඩකයන් එකොලොස් දෙනාගේ දිවි අහිමි කරමින්.ඉතින් මේකට සම්බන්ධ වූ ත්‍රස්තවාදින් එකොළොස් දෙනෙක් ගැන ඊශ්‍රායල දැනගන්නවා.ඉතින් ඒකට කරන මෙහෙයුම ගැන තමයි ෆිල්ම් එක ලියවිලා තියෙන්නේ.ඇත්තටම ලස්සන අමුතුම විදිය ෆිල්ම් එකක් , ඔයාලා මේක මිස් කරගන්නනම් හිතන්න එපා.