Maargan

in Steem Sri Lanka2 days ago

1000038823.jpg
source

විජය ඇන්ටනී කියන්නේ වෙනස්ම විදිහේ එක එක ආකාරයේ ෆිල්ම් වල රඟපාන දක්ෂ නළුවෙක්.ඔහුගේ ගොඩක් ෆිල්ම් එකිනෙකට වෙනස් , ඒ වගේම ඒ ෆිල්ම් වල කතාවක් හරි අමුතු විදිහේ හිතට වදින ඒවා.ඒ නිසාම ගොඩක් වෙලාවට මම මේ නළුවාගේ ෆිල්ම් වලට ගොඩක් ආසයි.කොහොමහරි අද ලියන්න යන්නේ ඔහු ප්‍රධාන රංගනයෙන් දායක වෙන අලුතින්ම ආපු ෆිල්ම් එක ගැන.මේ ෆිල්ම් එක කුතුහලය පිරුණු serial killer ෆිල්ම් එකක්.මේ වර්ෂයේම ආපු මේ ෆිල්ම් එකට මේ වන විට imbd 7.1ක අගයක් හිමි වෙලා තියෙනවා.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ දාම ඝාතකයා අමුතුම විදියේ කෙනෙක් වගේම වෙනස්ම විදියේ කතාවක් තමයි මේකේ තියෙන්නේ.හරි ඉතින් මම පොඩි අදහසක් දෙන්නම්කෝ ෆිල්ම් එක ගැන.

ඔන්න දවසක් පොලිසියට කුණු දාන තැනක තිබිලා ගැහැණු ළමයෙක්ගේ මළ සිරුරක් හම්බවෙනවා.නමුත් මේක සාමාන්‍ය මළ සිරුරක් නෙවෙයි මොකද ගැහැණු ළමයාගේ මුළු සිරුරම කළු පාටට හැරිලා.ඉතින් මේ වගේ මළ සිරුරු කිහිපයක් පොලිසියට හමුවෙලා තියෙනවා.කොහොම හරි මරණ පරීක්ෂණ වලින් පොලිසියට දැනගන්න ලැබෙනවා මේ දාම ඝාතකය ගැහැණු ළමයින්ව ඝාතනය කරන්න ගන්නේ අමුතුම විදිය මත්ද්‍රව්‍යක් කියලා.ඒ හැරෙන්න ඌ ගැන කිසිම හෝඩුවාවක් පොලිසියට හොයාගන්න ලැබිලා නැහැ.ඉතින් මේ පරීක්ෂණය බාර වෙනවා අති දක්ෂ තීක්ෂණ බුද්ධියක් සහිත දෲ කියන පොලිස් නිලධාරියට.පුදුමය කියන්නේ ගැහැණු ළමයින්ගේ වගේම මේ පොලිස් නිලධාරියගේ ඇඟේ පැත්තකුත් කළු පාටට හැරිලා තියෙනවා.ඉතින් පරීක්ෂණ කටයුතු කරන අතරේ මේ පොලිස් නිලධාරියට එකම එක හෝඩුවාවක් හොයාගන්න ලැබෙනවා.ඒකෙන් ඔහුට තේරෙනවා මේකෙ ලොකු අභි රහසක් සැඟවිලා තියෙනවා කියල.ඒ මොකක්ද මොහුට මේ අපරාධකාරයා හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න සුපිරි ෆිල්ම් එක ඔයාලට බලන්නම.වෙනව.