Hachi : A Dog Tale

in Steem Sri Lanka12 days ago

1000169721.jpg

source

ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඔයා සුරතල් සතුන්ට ආදරය කරන එහෙම නැත්නම් ගොඩක් ඇලුම් කරන කෙනෙක්ද? එහෙනම් මම අරගෙන අපි ඔයාට ගැලපෙනම ලස්සනම ෆිල්ම් එකක්.ඔයා මුහුණු පොතේ සැරිසරන කෙනෙක් නම් අහම්බෙන් ඔයාටත් මේ ෆිල්ම් එකේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප් බලන්න හම්බවෙලා ඇති.ඒත් ඊට වඩා ගැඹුරු කතාවක් තියෙන ගොඩක් සංවේදී ෆිල්ම් එකක් තමයි මේක.2009 නිකුත් වුනු මේ ෆිල්ම් එකට Imdb 8.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා.ඉතින් ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක මොන වගේ තත්ත්වයක තියෙන එකක්ද කියලා.Lasse Hallstrom නම් සුපිරි අධ්‍යක්ෂවරයා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.Biography, Drama , Family සහ Animal Adventure කියන කාණ්ඩ කීපයටම යටත් වෙන ෆිල්ම් එකක් තමයි මේක.

පාකර්, කේට්, ඇන්ඩි ,කේන් සහ Hachi බලු සුරතලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට රඟපාන්නේ.අපිට සාමාන්‍යයෙන් කවුරු හරි වැරදි දෙයක් කරාම ගොඩක් වෙලාවට අපි කියන දෙයක් තමයි බලු වැඩ කරන්න එපා කියලා.නමුත් අපි බල්ලන්ට කොච්චර නරක දේවල් කරත් ඔවුන් අපි කරන එක හොඳ දෙයක් ජීවිත කාලයටම මතක තියාගන්නව කියන එක ඔයාලා විශ්වාස කරනවද?ඔයාලට විශ්වාස නැත්නම් සත්‍ය කතාවක් ඇසුරින් පදනම් කරගත් මේ සංවේදී අනුවේදනීය ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලටම ඒක තේරේවි.ආදරය, කරුණාව සහ පක්ෂපාතීත්වය කියන ගුණාංග ගැන අපිට නොතේරෙන නොහැගෙන හරි අපූරුවට බලු සුරතලෙක් විසින් අපිට කියලා දෙනවා.විටින් විට ඇස් කඳුළින් තෙත් කරන තරමට සංවේදී දර්ශන මේ ෆිල්ම් එකට ඇතුළත් වෙනවා.ඉතින් මේ ෆිල්ම් එක නම් මං කියනවට ඔයාලා බලන්නම වටිනවා.