Final Destination

in Steem Sri Lanka2 days ago

1000018649.jpg
source

යාළුවනේ ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතිං පොඩි වෙනසකටත් එක්ක අද ලියන්න යන්නෙ ගොඩක් මිනිස්සු එනකම් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් ගැන ලියන්න.මේක released වුනේ ගිය මාසෙ.ඉතින් මාතෘකාවක් දැකපු ගමන් ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? පපුවත් එක්කම මොකක් හරි වෙලා ගියා නම් මරණ බය හොඳටම තියෙන කෙනෙක් තමයි ඔයත්.මමත් එහෙම තමයි ඇත්තටම.මේක බැලුවම ඔයාට දැනගන්න පුළුවන් මිනිහෙක් මැරෙන්න ක්‍රම කොච්චර තියෙනවද ඒවගේම ඒවා කොච්චර භයානකද කියලා.ඉතින් ඒ මේ ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන පොඩිම පොඩි කියවීමක් විතරයි.අද නම් ෆිල්ම් එක ගැන කිසිම දෙයක් ලියන්න යන්නේ නැහැ.මොකද පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම පිස්සුවෙන් වගේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.

Final Destination කියන්නේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච චිත්‍රපට මාලාවක් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මීට කලින් මේ චිත්‍රපට මාලාවේ චිත්‍රපට පහක් ඇවිල්ලා තියෙනවා.2000,2003,2006,2009,2011 වර්ශ වල ආපු ෆිල්ම් වලට පස්සේ කාලෙකින් තමයි මේක released වෙන්නෙ, තරුණ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ යටතේ.මේ ෆිල්ම් ඔක්කොම ටික වගේ නියමයි.ඇත්තටම මේ ෆිල්ම් එක බැලුවට පස්සේ හිතෙනවා අපේ ජීවිතය කොච්චර අවිනිශ්චිතද කියලා.ඩොලර් මිලියන පනහක් වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක සති දෙකක් තිරගත වීමෙන් පසුව ඩොලර් මිලියන 189ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනව.ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 7.1ක අගයක් හිමිවෙලත් තියෙනවා.Horror , Supernatural Horror කියන කාණ්ඩ වලට අයිති මේ ෆිල්ම් එක අපිට ඒ තරම් හුරු පුරුදු රංගන ශිල්පීන් සිටිය නැතිවුනත් ඔවුන්ගේ රංගන හැකියාවේ නම් කිසිම අඩුපාඩුවක්නැහැ.ඇත්තටම මම බලපු ලස්සන ෆිල්ම් එකක් මේකත්.ඔයාලත් බලන්න අමතක කරන්න එපා.