මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයී.....

1000175462.jpg

මේ දවස් කියන්නේ සිංහල දෙමළ ජනතාව හරි ආසාවෙන් ගෙවන දවස්. මොකද රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා මිනිස්සුන්ට නිවාඩු අලුත් අවුරුද්දට පොදුවේ හම්බෙනවා.ඒ නිසා නෑදෑ හිත මිත්‍රවරුන්ගේ ගෙවල්වල යන්න තමන්ගේ පවුලේ අය එක්ක සතුටින් කාලය කියවන්න මිනිස්සුන්ට තියෙන නිදහස්ම දවස් කීපය තමයි මේ.ඉතින් ඒ නිසා මේ ඊයේ උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන අද ලියන්න හිතුවා.මේ අලුත් අවුරුද්ද ටිකක් විශේෂයි ශ්‍රී ලාංකික ජනතාවට, ඒකට හේතුව තමයි රටේ ප්‍රබල දේශපාලනීමය වෙනසක් ඇතිවෙලා තියෙන නිසා, මිනිස්සුන්ගේ ආකල්පත් ටිකෙන් ටික වෙනස් වෙමින් තියෙන ආකාරයක් දැක ගන්න තියෙනවා.ආර්ථික වශයෙන් රට තවමත් ස්ථාවර නොවුනත් යම් ආනතියකට රට යන ආකාරයක් අපට දැක ගන්න තියෙනව.

කොහොම හරි අලුත් අවුරුද්ද ගොඩක් විශේෂයෙන් සමරන්නේ පොඩි කට්ටිය තමයි.ඒ කාලේ අපි නම් අලුත් අවුරුද්ද වෙනකම් බලන් ඉන්නේ ඇඟිලි ගැන ගැන.සෙල්ලම් කරන්න යන්න, නෑදෑ ගෙවල් වල යන්න , එක එක ජාතියෙ කැවිලි වර්ග කන්න වගේම විශේෂයෙන්ම අලුත් අවුරුදු උත්සව වලට ගිහිල්ලා ඒකෙ ක්‍රීඩාවලට සහභාගී වෙලා විනෝද වෙන්න.දැන් අලුත් අවුරුදු උත්සව ටිකක් අඩුවුණත් තවමත් ඒ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම තියෙනව.අලුත් අවුරුද්ද කියන්නේ විශේෂම වූ චාරිත්‍ර වාරිත්‍ර වලින් හැඩ ගැන්වුණු හරි ලස්සන දවස් කීපයක්.එක එක නැකැත් වලට අනුව විවිධ චාරිත්‍ර කරන අතරම ගනුදෙනු කිරීම ,ලිප ගිනි මෙලවීම , හිසතෙල් ගෑම වගේ විශේෂ දේවල් මේකෙ අන්තර්ගතත වෙනවා.ඒ නිසාම අලුත් අවුරුද්ද කියන්නේ වෙනසක් නැතිව ශ්‍රී ලාංකිකයින් හරි ආසාවෙන් ගෙවන දවස් කිහිපයක්, ඉතින් ඔයාලටත් මේ ලබපු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා.....

Sort:  


Congratulations
This post has been curated by

Team #5

1000021440.webp

@mikitaly