හේ යාලුවේ අපි ආවා..
අලුත්ම අලුත් ජීවිතයක් එක්ක ඔන්න මම ආවා. කැලනියට ඇවිල්ල පලවෙනි ආටිකල් එක. අපි ඒක UniBlog One කියල නම් කරමුද. අපි බලමුකො අද ඉදන් බ්ලොග් කීයක් නම් එකතු වෙයිද කියල නේද. මුල් මාස කීපයේ නන් කැම්පස් එක ඇතුලට ෆෝන් එකක් අරන් යන්න බෑ. ඒ නිසාම ෆොටෝ එකක්වත් ගහන්න වෙන්නෙ නෑ. කමක් නෑ ඒ පරිසරේට හැඩගැහෙන්නත් එපැයි. අද උදේ 8.15 විතර අපි ඔක්කෝම බඩු ටිකත් උස්සන් කැලනි එන්න පිටත් උනා. අපෙ පහල ගෙදර අයියත් කැලනි කැම්පස් එකේ ඉගෙන ගත්තු කෙනෙක් නිසා අපි එයාවත් කැම්පස් එක ගාවින් අපෙ වාහනේට දාගත්තා. ඒ දාගෙන කෙලින්ම ආව බෝඩිමට. අම්මයි ,මායි අක්කයි,තාත්තයි අපෙ මාමයි අර අයියයි. ඉතින් බඩු ටික එහෙම බාලා කාමරේට දාගත්තා. ගොඩක් ලමයි අද බෝඩිම් සහ හොස්ටල් වලට එන නිසා පොඩ්ඩක් කාර්‍යබහුලයි මේ වටපිටාව. ඒත් මන් ඉන්න තැන් නම් හරිම සාමකාමී වගේම නිශ්ශබ්දයි.
ඉතින් අක්කයි අර අයියයි එක්ක අපි කඩේට ගියා තව ඕන කරන බඩු මුට්ටු ටිකක් ගන්න. ඉතින් ඊට පස්සෙ තමයි අමාරුම කොටස තිබුනේ. ඒ තමයි ගෙදර අයට සමු දෙන එක. අමාරුවෙන් උනත් එයාලටත් මම සමු දුන්නා. ඉතුරු උනේ මායි ,අර අයියයි විතරයි.
පස්සෙ ඉතින් අපි කාලා හෙමීට කැම්පස් එක පැත්තෙ රවුමක් දැම්මා.හැමතැනම එයාගෙ යාලුවො.ඉතින් මාව අදුන්වල දීල එහෙම ආයෙ අපි ආවා. එදා රෑට සෑහෙන කාලෙකට පස්සෙ ඌබර් එකක් දාලා කෑවා. ශෝක් කෑම එක. ඉතින් ඊට පහු වෙනිදා ඒ කියන්නෙ ඉරිදා මට ඔරුගොඩවත්තට යන්න තිබුනා. ඒ මම කරන ග්‍රැෆික් කෝස් එකේ ප්‍රඩක්ශන් කියන කෝස් යුනිට් එකට.ඉතින් ඒක මම කැම්පස් එකේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට කෙලින්ම සම්බන්දයි. අකමැත්තෙන් උනත් ඉතින් මම ඒකටත් සම්බන්ද වෙන්න තීරනය කරා.ඉතින් ඔහොමයි කැලනියෙ මගෙ පලවෙනි දවස ගත උනේ. ආයෙත් ඉක්මනට හම්බෙමු.
අමතර skill එකක් තියෙන එක හරිම හරිම වටිනවා
appa ehemada. paw wede
hee. ammata steemit account ekk hadann kiynn ona
අලුත් ජිවිතයට සුබ පැතුම්.
Best wishes for the new life friend💖