Happy New Year.steemCreated with Sketch.

in Steem Sri Lanka3 months ago


image.png

ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දෙ ලියන්නම් කිව්වට ලියන්න වෙලාවක් නෑ. දැන් ඉතින් ජොබ්ස් කරන පීපල්ස් නෙ. වැඩ ඉවර වෙලා යද්දි පන නෑ. ජොබ් එක නම් අවුලක් නෑ. ශේප් එකේ කරන් යනව. බයික් එකේ තමයි යන්නෙ එන්නෙ. ඒකෙන් වෙලාවයි මහන්සියයි අඩුයි බස් එකේ යනවට වඩා. වියදමත් අඩුයි. පොඩි ගානකුත් හම්බවෙනවා ඉතිම්. වියදම් එක්ක බලද්දී නම් ඒක මදී හොදටම ඒත් කීයක්වත්ම නැතිව ඉන්නවා ට වඩා නම් ඒ ගානත් ඇති කියලා හිතෙනවා. මාස තුනක් මේ විදිහට යන්න ඕනි. අපි අන්තිමටම කැම්පස් එකේ ප්‍රසන්ටේශන් එකක් කරන්නත් ඕනි ඒ මාස තුනේ වුණ වැඩ ගැන.


image.png

ඉතිම් නිවාඩුවක් කියලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා විතරයි. ඒත් ඉස්සරහට ඒ දවස් දෙකෙත් ලෙක්චර්ස් දානවාලු. සතියෙ දවස් පහේම වැඩ වැඩ වැඩ. උදේම යනවා රෑ වෙලා එනවා. උදේ කිව්වට උදේමත් නෙවෙයි ඉතිම් 8.30 ට. ඒ වෙලාවට දවල්ට කන්න කෑම ගන්න්ත් හරි තැනක් නැති එක ලොකු ප්‍රශ්නයක්. මන් පුරුදු වෙලා ඉන්නෙ කැම්පස් එකේ කැන්ටින් එකෙන් පොඩි දෙයක් කාලා දවල්ට කන්න බත් එකකුත් අරන් යන්න. ඒ කෑම එකේ රස ගැනනම් කියලා වැඩක් නෑ ඉතිම්. හරිම අමාරුවෙන් කන්නෙ බඩගින්නෙ ඉන්න බැරිකමට. ඒ නිසා ඒවටත් එක්ක හරියන්න රෑට හොදට කනවා මන්. ඔෆිස් එකේ වැඩනම් හරි ආසාවෙන් කරන් යනවා. අවුරුදු කාලෙ ලන් වෙද්දි නම් වැඩ ගොඩක් වැඩි වෙයි. අලුත් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වුණා මේ දවස් ටිකට. ඔෆිස් එකේ වැඩ කරන් යන එකනම් ආසාවෙන් කරන් යනවා ඒත් යද්දි එද්දි ටැෆික් සෙට් වුනාම තමා එපා වෙන්නෙ. ඒත් බස් එකේ හිර වෙලා යනවට වඩානම් ඒකත් ලේසියි. ඔය විදිහට තමා මේ දවස් ටික ගෙවුනෙ. කොහෙවත් ඇවිදින්න යන්නත් බැරි වුණා. නිවාඩුවක් හම්බෙනකන් හදිස්සී ගෙදර දුවන්න. හරිම මහන්සියෙන් ගෙවුණු දවස් ටිකක්. එහෙනම් අපි තව ආටිකල් එකකින් හම්බවෙමු යාලුවනේ.


image.png

මේ තියෙන්නෙ අපෙන් පහල් බැච් එකට දෙන වෙල්කම් පාටි එකට සල්ලි එකතු කරන්න අපි ගහපු බුක් මාර්ක්.

Sort:  

Bookmarks harima cute. Not boring like many other bookmarks.