අර්බුදයෙන් ගොඩ ගිය මිනිස්සු
අර්බුදයෙන් ගොඩ ගිය මිනිස්සු
මම මෙහෙම කිව්වට පස්සේ එක එක අයට එක එක දේවල් හිතෙන්න පුලුවන්. ඔව් සමහර අයට හිතෙයි අර්බුදය අස්සෙ කලු කඩ නිර්මානය කරමින්, විවිද වන්චා කරමින් ගොඩ ගිය අය ගැන. ඒ වගේම හිතෙයි අලුත් නිර්මාන කරමින්, අලුත් ආදායම් මාර්ග වලට යොමු වන මිනිස්සු ගැන. ඉතින් අද මම මේ දෙවර්ගය ගැනම පොඩ්ඩක් කතා කරන්නම්. සමහර සිද්දි මටම අත්දකින්න ලැබුන දේවල්. අපි මුලින්ම බලමු අර්බුදයක් තියෙනව කියල දැනෙන්න පටන් ගත්තම ඉතාම පහත් විදිහට කටයුතු කරපු අය ගැන.
හැමෝටම වගේ දැවෙන ප්‍රශ්නෙ උනේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නයනේ. ඉතින් මේකෙන් සෑහෙන ගානක් හම්බරගත්තු අය ඕන තරම් ඉන්නව. පලවෙනි පිරිස තමයි ත්‍රීවීල් අයියලා. එයාල විතරක් නෙවේ තව තව අය මේක කරන්න ඇති. කිසිම විදිමත් පිලිවෙලක් නැතුව තෙල් ගහපු දවස් වල මම හොදටම දැක්ක දෙයක් බයිසිකල් වලට වඩා ඉක්මනට කාර් ,ත්‍රීවීලර් වගේ වාහන පෝලිමේ ඉදිරියට ඇදෙන එක. ඉතින් මේ වාසිය ප්‍රයෝජනේට අරන් ගොඩක් අය එක පාරක් තෙල් ගහගෙන ආයෙ පෝලිමේ පිටිපස්සට තමන්ගෙ වාහනේ දාගන්නව. දාල පෝලිම ඉස්සරහට යන අතරෙ අර කලින් ගහපු තෙල් ටික ඇදගන්නවා. ඉතින් සාමාන්‍යෙන් ත්‍රී වීල් එකකට රුපියක් 2000 ක තෙල් ගහනව නෙ. එතකොට තෙල් ලීටර් 4.4 වගෙ ලැබෙනව. දෙපාරක් ගහල තෙල් ලීටර් අටක් එකතු කරගන්න එයාලට පුලුවන්. ඊලගට තෙල් ලීටරයක් රුපියල් 1000 - 2500 වගේ මිලකට උනත් විකිනෙනව. තෙල් නැති අය කියන්නෙත් වැඩි මිලට හරි කමක් නෑ තියෙන කෙනෙක් දෙන්නකො කියල.
ඊලග අය තමයි පෝලිමෙ තැන් අල්ලන අය. සමහර කඩවල මුදාලිලා ජයටම මේක කරා. ගමේ ඉන්න කොන්ඩෙ තබ කරපු ලොකු ශර්ට් අදින මැර බබාලත් ඕක කරා. බයික් එකක් නම් 500 යි ලොකු වාහනයක් නම් 1000 වගේ මිලට මේක සිද්ද උනා. පෝලිමේ ඉස්සරහට යන්න යන්න මේ මිලත් වැඩි උනා. මටයි තාත්තටයිත් මේ අත්දැකිම ලැබුනා. ඒත් අපි දාන්න දුන්නෙම නෑ. කොහොම හරි ඒ වැඩෙනුත් මිනිස්සු සෑහෙන හම්බකරගත්තා. ශෙඩ් එකේ තෙල් ගහන කෙනාටත් ඒ වගේම තමයි. වැඩිපුර ගානක් මිට මෙලෙව්වම ෆුල් ටෑන්ක් කරල දෙන්න උනත් එයාලා සූදානම්..
අනිත් අය තමයි මේ කඩවල් වල මුදලාලිලා. පරන තොග දෙන්නෙත් අලුත් මිලට. ඇයි ෆුට් බයික් මිල. තේරුමක් නැතුව අහස උසට ගියා. බයික් හොරු වැඩි උනා. එයාල දන්නව බයික් එකක් විකුනුවොත් රුපියක් 60000 විතර ආදායම්ක් කියලා.
හොද පැත්තත් කතා නොකරම බෑනෙ. පෝලිම් වල දවස් ගනන් මිනිස්සු ඉද්දි ඒ අවට පොඩි පොඩි වියාපාර බිහි උනා.නයිට් කට, වඩේ කරත්ත, ලොතරැයි. ඔව් ඔව් ලොතරැයි ගන්න පිරිසකුත් ඉන්නවා. ඊලගට ගෑස් වෙනුවට බයෝ ගෑස් බාවිතයට හුරු උනා. බයෝ ගෑස් කට්ටල නිර්මානය කරන අයට හොද කාලයක් ලැබුනා, සෝලා පද්දති නිර්මානය කරන අයට විකුනුම් අවස්තා වැඩි උනා. හැබයි දේවල් වලට හුරු වෙන එක මම අනුමත කරන්නෙ නෑ. මෝටර් බයික් එකක් පැදලා ඒකෙන් ෆුට් බයික් එකට හුරු වෙන එක, ගෑස් වෙනුවට දර වලට යන එක. දර වලින් ඉව්වම ආයු කාලෙ වැඩි වෙනව කියපු අයත් හිටියනේ ඉතින්. දැන් නම් ගෑස් ටිකක් වැඩියෙන් ලැබෙනව උනත් මීට ටික කාලෙකට කලින් දර මිටියක් උනත් හොද මුදලකට අලෙවි උනා.
මේ ඔක්කොම දේවල් අතර විශේශයෙන් අගය කරන්න ඕන අලුතෙන් අදුන්වාදීපු QR code ක්‍රමය. මේකෙන් දිනගනන් පෝලිම් වල කාලෙ නාස්ති කරපු අයට යම් සහනයක් ලැබුනා. මට බය අපේ අප්පලා මේකටත් මොකක් හරි ක්‍රමයක් හොයන් ඒකත් විනාස කරාවිද කියලා. ආ කොහොමත් ආයෙ තෙල් නැති වෙනවලු.එහෙනම් ආයෙ හම්බෙමු.බායි
තක්කඩි ඉන්න රටක් කොහොම හදන්නද? නායකයොත් හොරා කනවා පොඩි උනුත් හොරකනවා. මෙහෙ සිස්ටම් චේන්ජ් කතා කරනවා. මිනිහා හැදුනොත් තමයි රට හැදෙන්නේ.
Eka eka jatiye ලිප් ehemat haduwane minissu
ehematheee🙂
Matanm hithenne QR ekenuth hra kanna mokk hari karai.